සුදු තිත් (white spot)Ichthyophthirius multifiliis නම් පරපෝෂිතයා නිසා වැළඳේ. ඕනෑම මත්ස්‍යයෙකුට පහසුවෙන් වැළඳිය හැකි රෝගයකි. එමෙන්ම සුලභම රෝගයකි. සීතල කාලවල දී මසුන්ට බහුලව වැළඳේ. මුල් අවධියේ දී නිසි ප්‍රතිකාර ලබා දුන් විට පහසුවෙන් සුව කර ගත හැක.
දිනපතා මත්ස්‍යයින් හොඳින් නිරීක්ෂණය කරයි නම් ඕනෑම රෝගයක් මූලික අවධියේ දී ම හඳුනා ගත හැකි ය. කල් ගත වූ පසු මත්ස්‍යා රෝගය වැළඳී දුර්වල වී සිටීම නිසා මිය යාමේ ප්‍රවණතාවය වැඩි ය. රෝගී වූ මසුන් හඳුනා ගැනීම සහ රෝග ලක්ෂණ ටික වේලාවක් මත්ස්‍ය ටැංකිය දෙස බලා සිටීමේ දී, මසුන් ටැංකියේ ඇති ගල්, ශාක වර්ග, අලංකාර කිරීමට යොදා ඇති ද්‍රව්‍ය වල ශරීරය වද්දා වේගෙයන් පිහිනීම රෝග ලක්ෂණ මතුවීමට පෙර නිරීක්ෂණය කළ හැක. යම් මත්ස්යෙයෙකුට මෙම රෝගය සෑදී ඇති බව දුටු විට වහාම එම මත්ස්‍යා වෙනත් මසුන් නොමැති ටැංකියකට මාරු කරන්න. එමගින් වෙනත් මසුන්ට රෝගය බෝවීම පාලනය කළ හැක. මත්ස්‍යයින්ගේ ශරීරයේ සුදු පැහැති තිත් කීපයක් (බොහෝ විට වරල්වල) හට ගෙන පසුව සුදු තිත් රාශියක් ඇති වේ. මෙය වැළඳුන පසු මත්ස්‍යා එක තැන වෙව්ලීම, කෙට්ටු වීම රෝග ලක්ෂණ වේ. ඇස්වල පවා මෙම තිත් ඇතිවීම දැකිය හැක. විශාල මසුන්ට මෙම රෝගයෙන් එතරම් හානියක් නොවූවත් ප්‍රතිකාර ලබා නොදුනහොත් කුඩා මසුන් වැළඳී දින කීපයකින් මිය යා හැකිය. ප්‍රතිකාර ඕනෑම රෝගයකට රසායකින ද්‍රව්‍ය මගින් ප්‍රතිකාර කිරීමට පෙර දියලුණු ප්‍රතිකාරය කිරීමට වගබලා ගන්න. එමගින් විෂ සහිත රසායනික යෙදීමෙන් තොරව මුල් අවධියේ දී ම මෙවැනි රෝග සුවකර ගත හැක. ජලය ලීටර 1කට දිය ලුණු ග්‍රෑම් 10ක් වනසේ දමා රෝගී මසුන් දමා තබන්න. ජලයට වාතනය (Aerate) කළ හැකි නම් වඩාත් යෝග්‍ය වේ. ලුණු දැමීමෙන් රෝගය සුව කර ගත නොහැකි වූයේ නම්, මෙතලීන් බ්ලූ (මේවා වෙළඳ පොළෙන් මිලදී ගත හැක. එහෙත් මේවායේ මිල ඉතාමත් අධික ය. බොහොමයක් මෙම නමින් විකිණීමට ඇත්තේ ඩයි වර්ගයක් බව මතක තබා ගන්න) මෙම රසායනිකය යොදා නිෂ්පාදනය කරන විවිධ වර්ගවල ඖෂධ වර්ග රාශියක් වෙළඳපොළෙන් මිල දී ගත හැකිය. මෙම රෝගයෙන් සහ වෙනත් ඕනෑම රෝගයක් වළක්වා ගත හැකි සරල කරුණක් සඳහන් කරමි. ජලයේ ගුණාත්වය ඉහළ මට්ටම පවත්වා ගැනීම කළ හැකි නම් මෙවැනි රෝග රාශියකින් ඔබගේ මත්ස්‍යයින් බේරාගත හැක. දිනපතා ටැංකිය හෝ පොකුණේ ඇති ජල මට්ටමින් අඟලක ප්‍රමාණයක් ඉවත් කර අළුත් ජලය එක් කළ හැකි නම් ඔබේ මත්ස්‍යයින් රෝග වලින් තොරව තබා ගත හැක. දිනපතා මෙය කිරීම අපහසු නම් දින දෙක තුනකට වරක් හෝ කළ හැකි ය. |
ඩ්‍රොප්සි (dropsy)බැක්ටීරියාවක් නිසා වැළඳෙන රෝගයකි. මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ජලයේ අපිරිසිදුතාවය යි. මුලින්ම මත්ස්‍යාගේ ඇස් එළියට නෙරා ඒමක් හොඳින් නිරීක්ෂණය කළවිට දැකිය හැකිය. ඉන් දින කිහිපයකින් පසු මත්ස්‍යාගේ කොරපොතු පිම්බී බඩ කෙමෙන් කෙමෙන් විශාල වේ. මුල් අවස්ථාවේ මත්ස්‍යා ආහාර ගැනීම පවා සාමාන්‍ය ලෙස කරයි. නමුත් රෝගය උත්සන්න වන විට ආහාර ගැනීම කිරීමට හෝ මත්ස්‍යාට පිහිනීමට පවා නොහැකි ලෙස ශරීරය ඉදිමෙයි. බොහෝ අවස්ථාවල බඩ උඩට සිටින සේ ටැංකියේ පැත්තකට වී මත්ස්‍යා දින ගණනාවක් සිටී. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මෙම රෝගයට ගොදුරු වූ කුඩා මත්ස්‍යයින්ට ප්‍රතිකාර කිරීමෙන් සුව කරගැනීමට ඉතා අපහසු ය. එහෙත් විශාල මත්ස්‍යයින් උදා: කාෆ්, ඔස්කා වැනි මත්ස්‍ය විශේෂ ප්‍රතිකාර මගින් සුවකර ගැනීමට හැකියාවක් ඇත. ඒ සියල්ලටම වඩා වැදගත් වනුයේ මෙවැනි රෝග සෑදීම වැළැක්වීමට පියවර ගැනීමයි. එනම්, තම මත්ස්‍ය ටැංකියේ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ හොඳින් සැලකිලිමත් වීමයි. (මත්ස්‍යයින්ට කෑම දැමීමේ දී කෑම ඉතිරිවී ටැංකිය පතුලේ ඉතිරි වූයේ නම් එම කෑම ඉවත් කළ යුතුය. එසේ නැත්නම් නැවත බඩගිනි වූ විට මසුන් එම නරක් වූ ආහාර ගැනීමට පෙළඹේ. එම ආහාරවල සමඟ මෙම රෝගකාරක බැක්ටීරියාව ශරීරගත වේ)
ප්‍රතිකාර විදේශ රටවල නම් මේ සඳහා ප්‍රතිජීවක (antibiotic) යෙදූ ආහාර වර්ග ඇතත් මෙරට තුළ එවැනි දේවල් සොයා ගැනීම අසීරු ය. ඇමොක්සිසිලින් 500මිලිග්‍රෑම් (amoxicillin 500mg) ටැංකියේ ඇති සෑම ගැලුම් 10කට මෙම කරලක් බැගින් මිශ්‍ර කර පසු දින සිට ටැංකියේ ජලයෙන් 25%ක් අයින් කර අළුත් ජලය පුරවන්න. මෙසේ සුවවන තෙක් තබන්න. මවිසින් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලැබූ තවත් ප්‍රතිකාරයක් සඳහන් කිරීමට කැමැත්තෙමි. එහෙත් මෙම ප්‍රතිකාරය කළ හැක්කේ ප්‍රමාණයෙන් තරමක් විශාල මත්ස්‍යයින් පමණි. මේ සඳහා අවශ්‍ය වන්නේ අප විසින් සාමාන්‍යයෙන් ගන්නා පණු බෙහෙත් කුඩුකර ජලය ඉතා ස්වල්පයක් සමග මිශ්‍ර කර මුඛ මාර්ගයෙන් සිරින්ජරයකට දමා (සිරින්ජරයක කටුව ඉවත් කර කුඩා රබර් බටයක් සවිකර ගන්න) ඇතුල් කිරීමයි. මෙසේ දින කිහිපයක් කළ යුතුය. මෙහිදී මත්ස්‍යා විසින් එම බෙහෙත් යම් ප්‍රමාණයක් නැවත එළියට දැමූවත් හොඳින් පෙවුන හොත් දින කිහිපයකින්ම රෝග ලක්ෂණ අඩුවී යනු දැකිය හැකි වෙයි. මෙම ප්රතිකර්මය කළ යුත්තේ රෝගය උත්සන්න වීමට ප්‍රථම බව මතක තබා ගන්න. |