මාබල් කැට් ෆිෂ් (marble catfish) එහෙමත් නැත්නම් වෝකිං කැට් ෆිෂ් (walking catfish) ගැන...
Clarias batrachus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම මත්ස්‍යයා සුරතල් මත්ස්‍යයකු ලෙස මත්ස්යය ආනයනකරුවන් විසින් මෙරටට ආනයනය කළ මත්ස්‍යයකු වේ. මොවුන් වෝකිං කැට් ෆිෂ් ලෙස හැඳින්වීමට හේතුව වී ඇත්තේ මෙවුන් ජීවත් වන ජලාශයක ජලය සිඳී යන විට වෙනත් ජලාශයක් කරා බඩගාමින් ගමන් කිරීමට මොවුන්ට ඇති හැකියාවයි. මගුරාට නෑකම් ඇති මත්ස්‍ය විශේෂයක් වන වන මොවුන් අලංකාරය සඳහා ඇතිකළත්, මොවුන් මෙරට ජලාශ තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇත. එය තවම ආක්‍රමණශීලී තත්ත්වයක් දක්වා වර්ධනය වී නැති මුත් ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා මොවුන් ආනයනය සහ විසිතුරු මත්ස්‍යයකු ලෙස යොදා ගැනීම සීමා කළ යුතු ය. (මෙය මාගේ අදහසකි) එසේ නොවුන හොත් ටැංකි සුද්ද කරන්නා හෙවත් (scavenger fish) වැනි තත්ත්වයක් උදා විය හැකි බවත් සඳහන් කරමි. තවත් එක් කරුණක් සඳහන් කිරීමට කැමැත්තෙමි.
ඔබ විසිතුරු මසුන්ට කොතරම් ඇලුම් කළත් කිසිම අවස්ථාවක මෙරටට විදේශ වලින් ආනයනය කළ මත්ස්‍ය විශේෂයක් හෝ වෙනත් ජීවී විශේෂයක් අපේ ගංගා, ඇල දොළ වැනි ස්වභාවික ජලාශ වලට දමන්න එපා... එය අපේ ජෛව විවිධත්වයට තර්ජනයකි. කරුණාකර එසේ කිරීමෙන් වළකින්න...